කොරෝනා රෝගීන් ගණන 233ක් වෙයි 

කොරෝනා රෝගීන් ගණන 233ක් වෙයි 

මෙරට නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද (14) සවස් කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15කි. මින් රෝගීන් 08 දෙනෙක් යාපනයෙන් ද තවත් සිව්දෙනෙක් මුලන්කෝවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇත. අනෙක් රෝගියා වාර්තා වන්නේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකිනි.

අනෙක් රෝගියා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් වේ


කොරෝනා රෝගීන්ගේ ගණන 219ක්. සුවවූ රෝගීන් 59 17:58pm

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 219ක් දක්වා ඉහළ ගොස් ඇත. එම රෝගීන් ගෙන් 59 දෙනෙක් මේ වන විට සුවය ලබා ඇත.

අද (14) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගියා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ (13) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 08 දෙනා ගෙන් 07 දෙනෙක් බේරුවල ප්‍රදේශයේ අතර ඔවුන් ද පුනානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියි.

අනෙක් රෝගියා ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 153 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 07කි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here