රන්ජන් නිරෝධායනයට

Update ,

රන්ජන් මීගමුවේදී නිරෝධායනයට 20:00pm

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ලබන 20 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අද පස්වරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මීගමුව, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන්, බන්ධනාගාර තුළට නොගෙන මීගමුව, පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත. එම රැඳවියන් එහිදී නිරෝධායනයට යොමු කෙරෙන අතර අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ද එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

—————————————————————————————————–

රන්ජන් රිමාන්ඩ් 17:51pm

මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හිටපු මන්තී‍්‍රවරයා ඊයේ (13) අත්අඩංගුවට ගැනුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අප්‍රේල් 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

රන්ජන් රාමනයක හිටපු මන්තී‍්‍රවරයාගේ භෞතචිකිත්සකවරයා යැයි පැවසූ පුද්ගලයෙකු හිටපු මන්තී‍්‍රවරයාගේ මාදිවෙල පිහිටි නිවසට පැමිණිමට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔහුව පරීක්ෂා කර ඇත.

එහිදි හෙළි වුණේ අදාළ පුද්ගලයා ඇදිරී නිිති කොන්දේසි උල්ලංඝණය කරමින් මාදිවෙල නිවාස සංකීර්ණය වෙත පැමිණ ඇත.

රන්ජන් රාමනයක හිටපු මන්තී‍්‍රවරයාගේ භෞතචිකිත්සකවරයා යැයි පැවසෙන පුද්ගලයාට ඇඳිරි නීති බලපත‍්‍රයක් තිබී ඇති අතර කෙසේවෙතත් එය පෙරේදා (12) දිනයේදී කල්ඉකුත්ව ඇති බවයි අනාවරණ වී ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here