රටවල් 14ක කම්කරු සුභසාධන අංශ 16කට ලක්ෂ 80 ක මූල්‍ය ප්‍රතිපාදන

විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විවිධ අපහසුතාවයන්ට පත්වී ඇති බැවින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, රටවල් 14 ක පිහිටි කම්කරු සුභසාධන අංශ 16 කට රුපියල් 500,000 බැගින් රුපියල් ලක්ෂ 80 ක් ලබාදී තිබේ.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය (අබුඩාබි හා ඩුබායි), බහරේන්, සයිප්‍රස්, ඊශ්‍රායෙල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන්, මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්,සෞදි අරාබිය (රියාද් හා ජෙඩා), දකුණු කොරියාව හා සිංගප්පූරුව යන රටවල පිහිටි කම්කරු සුභසාධන අංශ 16 ට මෙම මුදල් ලබා දී තිබේ. මෙයට අමතරව දැනටමත් ඒ ඒ කම්කරු සුභසාධන අංශවල තිබෙන කම්කරු සුබසාධන අරමුදල මගින්ද (Workers Welfare Fund) අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනිමටද අනුමැතිය ලබා දී ඇත.

විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ගත් තීරණයකට අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සභාපති කමල් රත්වත්තේ මහතා විසින් මෙම මූල්‍ය ප්‍රතිපාදන අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යොමුකොට ලබා දී ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here