කොරෝනා නිසා සත්තු වත්තේ සතුන්ට ආතතිය

COVID 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දෙහිවල ජාතික සත්වොද්‍යානයේ සතුන්ගේ වෛද්‍ය පරීක්ෂණ දිනපතා සිදුකිරීම වැඩිකර ඇතැයි එහි සහකාර අධ්‍යක්ෂිකා දිනේෂිකා මානවඩු මහත්මිය Colombo Gazette Sinhala ට පැවසීය.

ඒ අනුව සතුන්ගේ හැසිරීමේ වෙනස්කම් මෙන්ම ඔවුන් ගන්නා ආහාර පිළිබඳවත් අවධානයට ලක් කරන ලෙසට සතුන් බාර නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. ඇමෙරිකාවේදී ව්‍යාග්‍රයෙකුට COVID 19 වෛරසය වැලදී ඇති බවට විදෙස් මාධ්‍ය කල වාර්තාවන්ට අනුව මෙලෙස දිනපතා සිදුකරන වෛද්‍ය පරීක්ෂණ වැඩිකර ඇත.

පසුගිය මාර්තු 15 වැනිදා සිට දෙහිවල ජාතික සත්වොද්‍යානය මහජනතාවට නැරඹීම අත්හිටවූ පසුබිමක එම සතුන්ගේ හැසිරීමේ වෙනස්කම් ද නිරීක්ෂණය කිරීමට හැකි වූ බව සහකාර අධ්‍යක්ෂිකා දිනේෂිකා මානවඩු මහත්මිය පැවසීය.

ඇතැම් අවස්ථාවලදී සතුන් හුදකලාවේ හැසිරීම,ආහාර ලබා ගැනීම ප්‍රමාද කිරීම මෙන්ම වෙනස්කම් කිහිපයක් දැක ගැනීමට හැකි වූ බව සත්වොද්‍යාන සේවකයින් පවසයි. එයට හේතුව හිටි හැටියේම මහජනතාවගේ නොපැමිනවිම සතුන්ට ගැටළු සහගත වීමයි.

මෙහිදී චිම්පන්චින් සහ කුරුළු වර්ගයන්ගේ හැසිරීම නොසන්සුන් තාවයක් දැක්වූ නිසාවෙන් සේවක කණ්ඩායම් වශයෙන් සතුන් ඉදිරියේ එහෙ මෙහෙ ඇවිදීම තුළින් ඔවුන්ගේ මතුව ඇති ආතතිය සමනය කිරීමට කටයුතු කරමින් පවතින බවයි එහි සේවකයින් පිරිසක් Colombo Gazette Sinhala වෙත අදහස් දක්වමින් සඳහන් කලේ.

ඒ අනුව දෙහිවල ජාතික සත්වොද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා වනජීවී අමාත්‍ය S.M.චන්ද්‍රසේන මහතා අද දින (17) සහභාගී වීමට නියමිතව ඇත.

  • ඉන්දික ශ්‍රී අරවින්ද
0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here