පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට කාදිනල්තුමා රජයට ස්තූතිය පුද කරයි

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාම පිිළිබඳ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, වත්මන් රජයට අද සිය ස්තූතිය පළ කළේය.

මේ අතර එළඹෙන 21 වනදාට යෙදෙන පාස්කු ප‍්‍රහාරයේ වර්ෂ පූර්ණය නිමිත්තෙන්, ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර එදින පෙරවරු 08 යි 45 ට, මිනිත්තු 02 ක නිශ්ශබ්දතාවක් පවත්වන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මෙහිදී ඉල්ලීමක් ද කළේය

එදින පෙරවරු 08 යි 40 ට කතෝලික දේවස්ථානවල සීනු නාද කරන ලෙසත්, හැකිනම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු අනෙකුත් ආගමික ස්ථානවල ද මියගිය පුද්ගලයින් සිහිකරන්නැයි මෙහිදී ඉල්ලීමක් කෙරිණි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here