S&P SL20 ඉතිහාසයේ තනි දිනක් තුළ වැඩිම ප්‍රතිශතයකින් ඉහළට

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (18)දින දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයකි.

S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් 5.25% ක වර්ධනයකින් ඉහල ගියේය. මෙය 2012 වසරේ S&P SL20 දර්ශකය හඳුන්වා දුන් දින සිට මේ දක්වා කාලය තුළ තනි දිනක් තුළ දී ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක වර්ධනය වේ.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,606.85 ක් හා S&P SL20 දර්ශකය ඒකක 1.847.71 ක් වශයෙන් වාර්තා විය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here