අසභ්‍ය වීඩියෝව ගැන පරීක්ෂණයක් කර දෙන මෙන් කාවින්ද ජනාධිපතිගෙන් ඉල්ලයි

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ අසභ්‍ය වීඩියෝ පටය ගැන ඉක්මන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලීමක් සිදු කර ඇත.

මේ පිළිබදවද අප කල විමසීමට පිළිතුරක් දෙමින් හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ තමාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පැවසු බවය.

මේ සම්බන්ධයෙන් මෙම වීඩියෝව අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කිරීමක්ද කර ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here