පාසල් ළමුන්ට මුඛ ආවරණ අවශ්‍යද ?

පාසල් සිසුන් සඳහා මුඛ ආවරණ අනුමත නොකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ ​වෛද්‍ය පබා පලිහවඩන පවසයි.

මුඛ ආවරණ පාසල් සිසුන්ට එක දිගට පැලඳ සිටීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා සහ දිලීර රෝග ඇති විය හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දෙන අතර ඊට හේතු වී ඇත්තේ නියම සායනික මුඛ ආවරණ වෙනුවට විවිධ වර්ගයේ මුඛ ආවරණ වෙළෙඳපොළේ වර්තමානයේ අලෙවි වීම බවද ඇය ප්‍රකාශ කලාය

එම නිසා පාසලට පැමිණීමේ දී සහ යළි නිවෙස් බලා යාමේ දී හෝ අවශ්‍ය නම් පමණක් මුඛ ආවරණ පැලඳීම දෙමාපියන් සතු තීරණයක් විය යුතු බවද ඇය පැවසුවාය.

නමුත් පාසල් ආරම්භ කිරීමෙන් පසු සිසුන් මුඛ ආවරණ පැලඳිය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද නිර්දේශවල සඳහන් වේ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here