වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා ඉහලට

කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස 60 සිට 61 දක්වා ඉහළ නංවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මිය මේ සම්බන්ධයෙන් කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අනුමත කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරන මහතා පවසයි.

රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බැවින් දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට තීරණය කළ බව ඔහු පැවසීය.

රමේෂ් පතිරන මහතා කියා සිටියේ විශ්‍රාම යන වයස පිළිබඳව වෙනත් අංශවල අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර ඇති බවයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here