හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය අත්හිටුවයි

හෝමාගම, ඩයගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරිම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් හා බලධාරීන් අතර අද පැවති රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි .

අමෙරිකානු ඩොලර් මිලියන 40 ක වියදමකින් ඉදි කිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගනයේ නරඹන්නන් 60,000 කට තරග නැරඹීමේ අවස්ථාව උදාවන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසු අතර මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු පාර්ශව ගණනාවකින් එල්ලවූ දැඩි විරෝධය හමුවේ අදාළ පාර්ශව සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්විය.

මෙහිදී ගනු ලැබූ තීරණයන්ට අනුව හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් ක්‍රීඩා පිටිය අත්හිටුවීමටත්, පාසැල් ක්‍රීඩා කටයුතු දියුණු කිරීමට අගමැතිවරයා තීරණය කොට ඇත

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here