වැලිකඩ සිට කුඩු විකුණු කුඩු නායකයින් දෙන්නෙක් බුස්සට

(අශන්ති වරුනසුරිය)

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන සුසෙයි සහ ගෞතම්, බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර ඇත.

කොළඹ අධිකරණයකදී ඔවුන් දෙදෙනාට එරෙහිව සිදු කෙරෙන නඩු විභාගයක් සඳහා ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මෙලෙස බූස්ස බන්ධනාගාරය වෙත මාරු කළ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

බූස්ස බන්ධනාගාරයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යටතේ ඇති විශේෂ ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින වාට්ටු සංකීර්ණයේ වෙන් වෙන්ව ඔවුන් දෙදෙනා රඳවා සිටින බවත් සදහන්. මෙම වාට්ටු සංකීර්ණයේ විශේෂ ඝණයේ අපරාධකරුවන් 50 දෙනෙකු සිටිති. කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා, පොට්ට නවුෆර් සහ පකිස්තාන ජාතිකයන් 16 දෙනෙකු ද රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේ විශේෂ ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින්නේද මෙම වාට්ටු සංකීර්ණය තුළය

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here